චීනය

Context of චීනය

පොදු වශයෙන් චීනය ලෙසින් හැඳින්වෙන චීන මහජන සමූහාණ්ඩුව යනු, බිලියන1.3 ට වැඩි ජනතාවක් වෙසෙන, ලොව වඩාත්ම ජනාකීර්ණ රාජ්‍යය වෙයි. නැගෙනහිර ආසියාවෙහි පිහිටි චීනය, චීන කොමියුනිස්ට් පක්ෂය විසින් පාලනය කරනු ලබන තනි-පක්ෂ රාජ්‍යයකි. චීන කොමියුනිස්ට් පක්ෂය විසින් පළාත් 22 ක් මතද , ස්වතන්ත්‍ර ප්‍රදේශයන් පහක් මතද, සෘජු ලෙසින් පරිපාලිත මහ නගර සභා ප්‍රදේශයන් සතරක් (බෙයිජිං, ටියාංජිං, ෂැංහයි, සහ චොංකිං) මතද, අතිශයින් ස්වතන්ත්‍ර විශේෂ පරිපාලන ප්‍රදේශයන් දෙකක් – හොං කොං සහ මැකාවු – මතද සිය අධිපත්‍යය පතුරවයි. එහි අගනගරය බෙයිජිං වෙයි.

වර්ග කි.මී. මිලියන 9.6ක පමණ භූමි ප්‍රමාණයකින් යුක්ත චීනය සම්පූර්ණ වර්ගප්‍රමාණය අතින් ලොව තුන්වැනි හෝ හතරවැනි තැන ද ගොඩබිම් ප්‍රමාණය අතින් ලොව දෙවැනි තැන ද ගනියි. චීනයේ විවිධ භූ ලක්ෂණ දක්නට ලැබේ. මොන්ගෝලියාවට සහ රුසියානු සයිබීරියාවට ආසන්න වියළි උතුරුකරයේ තෘණභූමි සහ ගෝබි සහ තක්ලමකන් වැනි කාන්තාර ද, වියට්නාමයට,ලාඕසයට සහ බුරුමයට ආසන්න තෙත් දකුණුකරයේ අර්ධ නිවර්තන වනාන්තර ද දැකිය හැකිය. චීනයේ ස්වභාවික දේශසීමා ලකුණු කරන හිමාලයෙන් සහ ටියන් ෂාන් කඳු පංතිවලින් ස...තව කියවන්න

පොදු වශයෙන් චීනය ලෙසින් හැඳින්වෙන චීන මහජන සමූහාණ්ඩුව යනු, බිලියන1.3 ට වැඩි ජනතාවක් වෙසෙන, ලොව වඩාත්ම ජනාකීර්ණ රාජ්‍යය වෙයි. නැගෙනහිර ආසියාවෙහි පිහිටි චීනය, චීන කොමියුනිස්ට් පක්ෂය විසින් පාලනය කරනු ලබන තනි-පක්ෂ රාජ්‍යයකි. චීන කොමියුනිස්ට් පක්ෂය විසින් පළාත් 22 ක් මතද , ස්වතන්ත්‍ර ප්‍රදේශයන් පහක් මතද, සෘජු ලෙසින් පරිපාලිත මහ නගර සභා ප්‍රදේශයන් සතරක් (බෙයිජිං, ටියාංජිං, ෂැංහයි, සහ චොංකිං) මතද, අතිශයින් ස්වතන්ත්‍ර විශේෂ පරිපාලන ප්‍රදේශයන් දෙකක් – හොං කොං සහ මැකාවු – මතද සිය අධිපත්‍යය පතුරවයි. එහි අගනගරය බෙයිජිං වෙයි.

වර්ග කි.මී. මිලියන 9.6ක පමණ භූමි ප්‍රමාණයකින් යුක්ත චීනය සම්පූර්ණ වර්ගප්‍රමාණය අතින් ලොව තුන්වැනි හෝ හතරවැනි තැන ද ගොඩබිම් ප්‍රමාණය අතින් ලොව දෙවැනි තැන ද ගනියි. චීනයේ විවිධ භූ ලක්ෂණ දක්නට ලැබේ. මොන්ගෝලියාවට සහ රුසියානු සයිබීරියාවට ආසන්න වියළි උතුරුකරයේ තෘණභූමි සහ ගෝබි සහ තක්ලමකන් වැනි කාන්තාර ද, වියට්නාමයට,ලාඕසයට සහ බුරුමයට ආසන්න තෙත් දකුණුකරයේ අර්ධ නිවර්තන වනාන්තර ද දැකිය හැකිය. චීනයේ ස්වභාවික දේශසීමා ලකුණු කරන හිමාලයෙන් සහ ටියන් ෂාන් කඳු පංතිවලින් සැදි රටේ බටහිර ප්‍රදේශය විෂම, උස් ප්‍රදේශයකි. එහෙත් කි.මී. 14,500ක මුහුදු වෙරළකින් යුක්ත චීනයේ නැගෙනහිර ප්‍රදේශය පහත් භූමියක් වෙයි. මෙම මුහුදු වෙරළ ගිනිකොණදිගින් දකුණු චීන මුහුදෙන් ද නැගෙනහිරින් නැගෙනහිර චීන මුහුදින් ද සීමාවී ඇති අතර තායිවානය, කොරියාව සහ ජපානය මින් ඔබ්බෙන් පිහිටයි.

ලොව පැරැණිතම ශිෂ්ඨාචාරයක් වූ චීන ශිෂ්ඨාචාරය උතුරු චීන තැන්න හරහා ගලා බසින කහ ගඟෙන් පෝෂණය විය. වසර 6000කට වැඩි කාලයක් තිස්සේ චීන දේශපාලන ක්‍රමය පදනම් වූයේ පාරම්පරික රාජාණ්ඩු ක්‍රමයක් (රාජ වංශ) මගිනි. මේ අතරින් පළමුවැන්න ක්‍රිපූ 2000 පමණ තිබූ සියා රාජ වංශය (Xia) වුවද චීනය මුලින්ම එක්සේසත් කළේ ක්‍රිපූ 221 දී කින් රාජ වංශය (Qin) විසිනි. අවසාන රාජ වංශය වූ කිං රාජ වංශය (Qing) 1911 දී සමාප්ත වූයේ කුඕමින්ටැං හෙවත් චීන ජාතික පක්ෂය විසින් චීන සමූහාණ්ඩුව පිහිටවීමෙන් පසුවයි. රට කුඕමින්ටැං සහ කොමියුනිස්ට් යනුවෙන් දේශපාලන කඳවුරු දෙකකට බෙදීම නිසා 20 වැනි සියවස මුල් භාගයේ චීනය අසමගියෙන් සහ සිවිල් යුද්ධවලින් පිරී පැවතිණි. 1949 දී මෙම ගැටුම් අවසන් වූයේ කොමියුනිස්ට් පෙරමුණ සිවිල් යුද්ධයෙන් ජයගෙන චීනයේ ප්‍රධාන භූමි ප්‍රදේශයේ මහජන චීන සමූහාණ්ඩුව පිහිටවීමෙන් අනතුරුවයි. කුඕමින්ටැං පෙරමුණ විසින් තම චීන සමූහාණ්ඩුවේ අගනුවර තායිවානයේ තායිපේ නුවර පිහිටවා ගනු ලැබූ අතර දැනට එය මගින් පාලනය වන්නේ තායිවානය, කින්මෙන්, මට්සු සහ තවත් කුඩා දූපත් කිහිපයක් පමණි. එතැන් සිට තායිවානයේ ස්වාධීනත්වය සහ දේශපාලන තත්වය පිළිබඳව මහජන චීන සමූහාණ්ඩුව හා චීන සමූහාණ්ඩුව අතර දේශපාලන ආරවුල් ගහණ විය.

චීනය ශිෂ්ඨාචාරයේ උප්පත්ති ස්ථාන අතරින් එකකි.

Map

Videos